Friday, September 28, 2007

ශී‍්‍ර ලංක‍ාවේ වාරි තාක්ෂණය

වාරි තාක්ෂණය ලෙස හැදින්වෙන්නේ ගොවිතැන් කිරීමට අවශ්‍ය ජලය ලබා ගැනීමට ශිල්පීය දැනුම උපයෝගී කරගෙන භූ විෂමතාවයෙන් ප‍්‍රයෝජන ගෙන ජල සම්පාදන කටයුතු කිරීමයි. අතීතයේ ශී‍්‍ර ලාංකිකයෝ ගොවිතැන් කටයුතු කිරීමේ දී වැසි ජලය හා ගංගා ජලය උපයෝගී කර ගත්තත් පසුකිලීනව විවිධ ගැටලූ වලට මුහුණපෑමට සිදුවිය.
1. වර්ෂාවේ අවිනිෂ්චිත බව
2. ගොවිතැන් කටයුතු වලට ගංගා ජලය ප‍්‍රමාණවත් නොවීම.
3. වර්ෂාව අවුරුද්දේ එක් කාලයකට පමණක් සීමාවීම.
4. ජන සංභ්‍යාව වැඩි වන විට ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදුවීම.
මේ ගැටලූවලට විසදුමක් ලෙසිනුත් වාරි කර්මාන්ත ඉදි කිරීමට යෝග්‍ය භූ විෂමතා ලක්ෂණ වියළි කලාපයේ තිබීමත් නිසා වැසි ජලය අනාගතයට ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුහු වැව් ඉදිකිරීමේ යෙදුනහ. වාරිමාර්ග තැනීමේදී භූමියේ ඇති උස් පහත් බව බෙහෙවින් ආධාර කර ගත් බවක් පෙනෙන්නට තිබේ.

අභ්‍යන්තර තැනිතලා ප‍්‍රදේශ හරහා වැටී ඇති මිටි කදු වැටියක පටු කපොල්ලක් ඔස්සේ ගංගාවක් ගලා යන විට කදු වැටියේ නෙරු දෙක එකට යා කොට වේල්ලක් බැඳ ගංඟාවේ ගමන අවහිර කිරීමෙන් වැවක් තැනීම. මල්වතු ඔය ඇසුරින් අභය වැව හා තිසා වැවද, කලා ඔය ඇසුරින් කලා වැව ද හුරුළු ඔය ඇසුරින් හුරුළු වැවද තැනවීම මීට නිදසුන් වේ.

තැනිතලාව ඔස්සේ භූමියේ බැස්මට අනුකූලව ඇළමාර්ග තැනීම ඉන් අනතුරුව සිදුවිය. යෝධ ඇළේ කි.මී එකකට මි.මී. 95ක බැස්මක් පැවතීම මීට නිදසුනකි. ඇළ මගින් වැව් මට්ටමට පහළ ඇති තැනිතලා වල පිහිටි කුඹුරු වලට ජලය සැපයීමක් සිදුවිය.

ජල පහරේ වේගය අඩු ස්ථානයක ‘‘අමුණක්’’ ඉදි කොට එහි රැුස්වන ජලය ඇළ මාර්ග දිගේ පහත් තැනිතලාවට සැපයීම. මහවැලි ගඟ හරහා මිණිපේ දී බැඳ ඇති අමුණ, මල්වතු ඔය හරහා වූ ගල්කඩවල අමුණ හා දැදුරු ඔය හරස් කොට තනා ඇති රිදී බැඳි අමුණ මීට නිදසුන්ය.

මීට අමතරව කදු බෑවුම් ඔස්සේ ඇද හැලෙන කුඩා දිය පාරවල් පටු බැමි යොදා හරස් කර ඇත. මෙම වැව් වල සොරොව් පිහිටා නැත. මව් වැවෙහි ජලය රොන් මඩින් පිරීයාම වැළැක්වීම සඳහා කුළු වැව් ඉදිකර තිබිණි.

ඇළ මාර්ග තැනීමේදී කුඩා වැව් හරහා ජලය ගෙන යාමට සලස්වන ලදී. ඇලහැර ඇළ මගින් මින්නේරිය ගිරිතලේ වැව් වලට ජලය සැපයීමේ දී කුළු වැව් හරහා ජලය සපයන ලදී. වාරිමාර්ග තාක්ෂණය පිළිබද අපේ මුතුන් මිත්තන් තුළ තිබූ දැනුම වැවක කොටස් අධ්‍යයනය කිරීමෙන් අවබෝධ කර ගත හැකිවේ.

වැව් බැම්ම උස් බිම් දෙකක් යා කොට ගංගාව හරස් කිරීමෙන් බදින ලද ශක්තිමත් බැම්මකි. උදා - පරාක‍්‍රම සමුද්‍රයේ බැම්ම කඳු රහිත ප‍්‍රදේශ වලද භූමියේ පිහිටීම අනුව වැව් ගොඩනැංවිය හැකිය. උදා - මන්නාරම් දිස්ත‍්‍රික්කයේ යෝධ වැව් බැම්ම.

සළපනාව හෙවත් රළ පැන්නුම
වැව් බැම්ම සේදී යාම වැළැක්වීමට වැව් බැම්මේ ඇතුළු පැත්තේ කළු ගල් පුවරු අතුරා සකස් කළ ශක්තිමත් පාදමකි.

පිටවාන
වැවක ජලය වැඩි වන විට එම අතිරික්ත ජලය පිටතට ගලා යාම සදහා වැව් බැම්මේ මට්ටමට තරමක් පහළින් ගල් පුවරු අල්ලා කරනු ලබන ඉදිකිරීමකි.

සොරොව්ව
වැවක ජලය නිකුත් කරන විවරය සොරොව්වයි. එය ගොඩ සොරොව්ව හා මඩ සොරොව්ව යනුවෙන් කොටස් දෙකකි.
ගොඩ සොරොව්ව - ජලය බෙදා හැරීම සඳහා වැව් බැම්මේ ඉහළ මට්ටමේ සකස් කළ විවරයකි.
මඩ සොරොව්ව - ජල මට්ටම අඞ් වී ඇති විට ජලය බෙදා හැරීමටත්, වැවේ මඩ ඉවත් කිරීමටත් වැව් බැම්මේ පහළ මට්ටමේ ඉදි කළ විවරයකි.

වැව් තාවුල්ල
බැම්මකින් තොරව වැවට උඩින් පිහිටි කොටස වන්නේ වැව් තාවුල්ලයි. මෙය ගොවිතැන් කටයුතු සදහා හෝ එළි නොකරයි. වැව් තාවුල්ලේ ඇති ශාක මගින් තාවුල්ල සෝදාගෙන ගොස් වැව ගොඩවීම වළක්වයි.

බිසෝ කොටුව
පැරණි වාරි තාක්ෂණයේ විස්මිත නිර්මාණයක් සේ සැළකෙන මෙය වැව් ඉවුරත්, ජල මට්ටමත්, එක් වන තැන ගැඹුරු හතරැුස් ළිඳක හැඩයට තනා ඇත. මෙමගින් ජල පීඩනය පාලනය කොට, ජලය සොරොව්වට ගලා යාමට සැලැස්වීමෙන් වැව් බැම්ම ආරක්‍ෂා වේ.

මෙකී අංග සියල්ල එකතු වීමෙන් වැවක් නිර්මාණය වූ අතර පැරණි වාරි කර්මාන්තයේ තිබූ ශිල්පීය නිපුණතාව මෙයින් පිළිබිඹු වේ. කාශ්මීරයේ වාරි කර්මාන්ත කටයුතු වලට පවා ශී‍්‍ර ලංකාවේ ශිල්පීන් ගෙන්වා ගත් බව එරට ඉතිහාසය පිළිබද වංශ කතාව පිළිබ`ද රාජතරංගණියේ සඳහන්ව ඇති බව කියවේ.

සෑම ගමකම පාහේ කුඩා වැව් ඉදි කිරීම ගම් ප‍්‍රධානියාට භාර විය. ඔවුන් ‘ගමික’ ‘පරුමක’ යන නම් වලින් හැදින්විය. පසු කාලීනව ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය ජලය සපයාදීම රජුගේ ප‍්‍රධාන වගකීම් වලින් එකක් බවට පත්විය. වැව් තැනවූ ඇතැම් රජවරුන් දේවත්වයෙන් පිදුන බව මහසෙන් රජුට ‘මින්නේරි දෙවියෝ’ යන විරුදාවලිය භාවිතා කිරීමෙන් පැහැදිලි වේ.
වාරි කර්මාන්තයට අදාළ කටයුතු පවත්වාගෙන යාම සඳහා නිලධාරී පිරිසක් එකල රජවරුන් විසින් පත් කර සිටි බවට සාක්ෂි ඇත. නිදසුන් ලෙස පැරණි ලෙන් ලිපියක ස`දහන් වී ඇති ‘අඩිතර’ ‘උතර’ යන දෙදෙනා වාරි කර්මාන්තයට සම්බන්ධ නිළධාරීන් බව සිටි පුරාවිiා කොමසාරිස් ලෙස සිටි මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතයයි. වැව්වල ඉතිහාසය අධ්‍යයනය කරන විට ආරම්භයේ දී කුඩා වැව් ද, පසුව ක‍්‍රමයෙන් මධ්‍යම ප‍්‍රමාණයේ වැව් සහ විශාල වැව් ද ඇළ මාර්ග ද තැනූ බව පෙනේ.





වැව් තැනු පාලකයෝ හා ඔවුන් තැනු වැව් හා ඇළ මාර්ග
කාලය පාලකයා වැව
කි‍්‍ර.පු.377-307 පණ්ඩුකාභය රජු අභය වැව,ජය වැව,ගාමිණි වැව
කි‍්‍ර.පු.250-210 දේවානම්පියතිස්ස තිසා වැව
කි‍්‍ර.පු.137-119 සද්ධාතිස්ස වැව් 18 ක් කළ බව සදහන්
කි‍්‍ර.ව.33-43 ඉලනාග රජතුමා තිස්ස වැව, දුරතිසා වැව
කි‍්‍ර.ව. 67-111 වසභ රජතුමා මහවිලච්චියවැව, මානාකැටිය,ඇළහැර ඇළ, නොච්චිපොතාන හා හිරිවඩුණ්ණ වැව
කි‍්‍ර.ව. 274-301 මහසෙන් රජතුමා මින්නේරිය, කවුඩුල්ල,හුරුළු මාගල්ල, මහකණදරා,ඇළහැර ඇළ විශාල කිරීම.කිඹුල්වාන ඇළ
කි‍්‍ර.ව. 365-406 පළමුවැනි උපතිස්ස තෝපා වැව
කි‍්‍ර.ව.455-473 ධාතුසේන කලා, බළලූ, මාදතුගම,යෝධ ඇළ හෙවත් ජයගඟ
කි‍්‍ර.ව. 531-551 දෙවන මුගලන් පදවිය වැව, නාච්චඳුව
කි‍්‍ර.ව. 571-604 පළමුවැනි අග්බෝ රජතුමා මා මඩුව, කුරුදු වැව, සිරිවඞ්ඩ මානක
කි‍්‍ර.ව.604-614 දෙවන අග්බෝ රජතුමා ගිරිතලේ වැව, කන්තලේ වැව
කි‍්‍ර.ව.1055-1110 පළමුවැනි විජයබාහු රජතුමා පැරණි වැව් ප‍්‍රතිසංස්කරණ කිරීම
කි‍්‍ර.ව.1153-1186 පරාක‍්‍රමබාහු රජතුමා පරාක‍්‍රම සමුද්‍රය, පඩා වැව,
කි‍්‍ර.ව.1187-1196 නිශ්ශංකමල්ල රජතුමා විනාශ වූ වැව් ප‍්‍රතිසංස්කරණ කිරීම

වසභ රජුගේ කාලයේ දී ‘උම්මග්ග ජල මාතිකා හෙවත් උමං ජල මාර්ග’ තැනූ බව සදහන් වේ.අනුරාධපුරයේ රන්මසු උයනේ පොකුණුවලට තිසා වැවෙන් ජලය ගෙන ගිය එබඳු උමං ජල මාර්ග සොයාගෙන ඇත. භූමියේ බැස්ම ප‍්‍රයෝජනයට ගනිමින් කලා වැවේ සිට තිසා වැවට පලය ගෙන යාමට ධාතුසේන රජු තැනූ ජය ගඟ හෙවත් යෝධ ඇළ පැරණි රජවරුන් හා ශිල්පීන් තුළ තිබූ තාක්‍ෂණික දක්‍ෂතා පිළිබඳ නිපුණත්වය දැක්වීමට කදිම නිදසුනකි. යෝධ ඇළේ බැස්ම කිලෝ මීටරයකට මිලි මීටර් 95 ක් පමණ වන සේ සකසා ඇති අතර මේ ඇළ මගින් නුවර කලාවිය තැන්නේ ඇති කුඩා වැව් ගණනාවකටද, තිසා වැවට හා බසවක්කුලමට ද ඊට උතුරින් පිහිටි වම් ඉවුරු පෙදෙසටද ජලය සපයා ඇත. ජය ග‍ඟ ජලයෙන් පෝෂණය වූ එම පෙදෙසේ එකල තිබූ දියුණුවට තන්තිරිමලේ ඇති නටඹුන් සාක්‍ෂි දෙයි. එවැනි විශිෂ්ඨ වාරි තාක්ෂණ ක‍්‍රම නූතන ඉංජිනේරුවන්ගේ මවිතයට හේතු වී ඇත. නූතන ශිල්පීය ක‍්‍රම උපයෝගී කරගෙන මාදුරු ඔය වැව් බැම්ම ඉදි කිරීමට කළ කැනීම් වලදී සොරොව්වක් තැනීමට ඉතාම සුදුසු යයි නූතන ඉංජිනේරුවන් තීරණය කළ ස්ථානයේම අතීතයේදී ජලය නිකුත් කිරීමට පැවති පැරණි බිසෝ කොටුවක නටඹුන් හමුවී ඇත.

එකල ජල සම්පාදන කටයුතු පිළිබද තාක්ෂණයේ තිබූ උසස් බව මෙයින් විද්‍යාමාන වේ.

1 comment:

Anonymous said...

Coin Casino Bonus Codes 2021
The Best Crypto Casinos to 인카지노 Play Coin Casino in 2021 · 1. Ignition Casino (Established 2017); 2. Bovada Casino (Established 1xbet korean 2017); 3. mBit Casino (Established 바카라